වනිඳු වෙනුවට දුෂාන් හේමන්තට ICCයෙන් අනුමැතිය
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.
0:00
Key Takeaways
- ICC විසින් දුෂාන් හේමන්තට විස්සයි20 ලෝක කුසලාන සඳහා අනුමැතිය ලබාදී ඇත.
- වනිඳු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.
- හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවී ඇති බව පරීක්ෂණයකින් තහවුරු විය.
- ශ්‍රී ලංකාව ඕමානය සමඟ 12 වැනිදා තරගයක් පැවැත්වීමට නියමිතයි.
දුෂාන් හේමන්ත, ICC විසින් විස්සයි20 ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය ලැබූ නව ක්‍රීඩකයෙකි. වනිඳු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු, ශ්‍රී ලංකාව ඕමානය සමඟ 12 වැනිදා තරගයක් පැවැත්වීමට සූදානම් වේ.
දුෂාන් හේමන්ත මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.
අයර්ලන්තය එරෙහිව පෙබරවාරි 8 වැනිදා පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට විස්සයි20 තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවිය.
ඊයේ දිනයේදී MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවී ඇති බව තහවුරු වීම හේතුවෙන්, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වෙන අතර තරගය එය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.
Comments
Loading comments...